About

OPenIT Education and Training Center Isinbassagama, Medawachchiya. +94718665002 openitcenter@gmail.com www.openitcenter.blogspot.com

English for KIDDS

Smart and Easy way to learn English

IT for KIDDS

For children aged 4 to 15 - ඔබේ දරුවාට හොඳම අධ්‍යාපනය

IT for Office

Specially for government and Private sector employees

IT for Enyone

for everyone who interest in it based on their needs at anytime

Computer Hardware

Repair your PC by you at your home

Tuesday, November 13, 2012

දැන් මෝටර් රථ ආදායම් බලපත්‍රය අන්තර්ජාලයෙන්:……

වසන්ත දේශප්‍රිය
අධ්‍යක්‍ෂ, රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සම්පූර්ණ සම්බන්ධිත ඉ-රාජ්‍ය විසඳුමක් වන ඉ-ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය තුළින් දැන් ඔබේ වාහන ආදායම් බලපත්‍රය නිවසටම තැපැල් මගින් ගෙන්වා ගත හැකි බැව් ඔබ දන්නවා ද?
මගේ පදිංචිය පැපිලියාන කිට්ටුව. නමුත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැස්බෑව.  මම පරිපාලන සේවයට බැඳිලා මුලින්ම වැඩ කළේ රබර් පාලන දෙපාර්තමේන්තුවේ.  කෑගල්ල ප්‍රාදේශීය රබර් පාලන කාර්යාලයේ අවුරුදු 5ක් ම වැඩ කළා. රබර් දෙපාර්තමේන්තුවේ තිබුනා නීතියක් රබර් පරීක්‍ෂකවරු පරීක්‍ෂා කරන ඉඩම්වලින් 10%ක් පමණ රබර් සහකාර පාලකවරු නැවත පරීක්‍ෂා කරන්න ඕන කියලා.  ඒ කාලෙ ඒ සඳහා සැතපුම් 400ක් තමන්ගේම වාහනයකින් ගිහිල්ල රබර් ඉඩම් බලනවට ප්‍රවාහන දීමනාවක් මාණ්ඩලික නිලධාරීන්ට ගෙව්වා. මට මතක හැටියට 1985 කාලෙ ගෙව්වෙ සැතපුමට රුපියල් 4යි.  ආරම්භක වැටුප රුපියල් 1520ක් වුන පරිපාලන නිලධාරියෙකුට මේ සැතපුම් 400ට ලැබෙන රුපියල් 1600 ඒ කාලෙ හැටියට ඉතා ලොකු මුදලක්. ඒ නිසාම රබර් පාලන දෙපාර්තමේන්තුව ඒ කාලෙ පරිපාලන සේවා නිලධාරීන්ගේ ආකර්ශණීයම ස්ථානයක්. හැබැයි මමත් මගේ සහෝදර නිලධාරී ඩී. සී. දිසානායකත් රබර් දෙපාර්තමේන්තුවට පළමු පත්වීමට ගියේ ‘ට්‍රැවලින්’ සල්ලි හොයාගෙන නෙවෙයි, අපිට මුල් පත්වීම් හැටියට වෙන කිසිම තැනක් රාජ්‍ය පරිපාලන‍යෙන් නොදීපු හින්දයි.
ඉතින් කථාවෙන් පිට පැන්නෙ මට වාහන ණයකුත් ලබා ගෙන වාහනයක් ගන්න සේවයට ගිය අළුතම රබර් පාලන දෙපාර්තමේන්තුව නිසා අවස්ථාවක් ලැබුනා කියන්නයි, ඒ වාහනේට ආදායම් බලපත්‍ර ගන්න දවසක් නිවාඩු ‍දාගෙන කෑගල්ලෙ ඉඳන් කොළඹ ඇවිත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න වුනා කියන්නයි.  (රබර් පාලනේට ගිය එකෙන් මට නම් වුන හොඳම දේ වාහනයක් ගන්න ලැබීම නොවෙයි.  1984 දීම ආරම්භ කරපු “කුඩා රබර් ඉඩම් පුනරුත්තාපන ව්‍යාපෘතිය” යටතේ සියලු කටයුතු පරිගණක ගත කිරිමේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා පරිගණක ගැන ඉගෙන ගන්න වාසනාව ලැබීමයි.  ඒකනෙ මම අද මෙතැන ඉන්නේ. ආයෙත් කථාවෙන් පිට පැන්නා) සේවයට අළුත් නිසා වැඩිපුර නිලධාරී හඳුනන්නෙත් නැහැ. ඒ වගේම මගේ පුරුද්දක් වන සමාන්‍ය ක්‍රමය අනුගමනය කිරීම (දැන්නම් කියන්නෙ පොලිම්වල ඉන්නෙ නැතිව වැඩක් කර ගන්නවත් දන්නෙ නැති නිසා කියලයි) නිසා මම කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිම් ගත වුනා.  ඒ කාලෙ මේ වැඩේ කොච්චර දුෂ්කරද කියනවනම් ආදායම් බලපත්‍ර ගන්න පෝලිම් 3ක ඉන්න ඕනෙ.
  1. ඉල්ලුම්පත්‍ර භාර දෙන්න
  2. මුදල් ගෙවන්න
  3. ආදායම් බලපත්‍රය ලබා ගන්න
මේ පෝලිම් තුනේ ගිහිල්ල ඒ ඒ තැන් වැඳගෙන එනකොට පැය තුනක්වත් ගිහිල්ලා.
ඉතින් ඔය ක්‍රමය ඔතනම අවුරුදු 20 – 30ක් වත් තියෙන්න ඇති, රබර් පාලනේ පරිගණක ව්‍යාපෘතියේ මෘදුකාංග නිපයීමේ වැඩ භාරව ඉතා දීර්ඝ කලක් සේවය කළ මගේ මිතුරකු වන එඩ්වඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට (SLIDA) මාරු වෙලා ඇවිත් මේ කාලය කන වැඩේට විසඳුමක් දෙන කල්. 1990 දශකයේ අග එඩ්වඩ් පෙරේරා මහතා මේ ක්‍රමය කණපිට හැරෙව්වා. ඔහු පෙට්ටියෙන් පිටතට ඇවිල්ල බලන (out of box) න්‍යාය අනුව මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කළා.  ඇයි මොකටද ඉල්ලුම්පත්‍රයක් ගන්නෙ ආදායම් බලපත්‍ර නිකුත් කරන්න? ආදායම් බලපත්‍ර මුද්‍රණය කරලා දෙන පත්‍රිකාවට වාහන අයිතිකරුගේ විස්තර මුද්‍රණය කරල ඔහුගේ අත්සන අරන් ඒක ඉල්ලුම් පත්‍රය ලෙස භාවිතා කළ නොහැකි ඇයි? මේ ක්‍රියාදාම ප්‍රතිනිර්මාණයට එකඟ වුන පළාත්වල මේ අළුත් සංකල්පය සමග SLIDA එකෙන් හදපු පරිගණක විසඳුම ක්‍රියාත්මක වුනා. මෙහි ප්‍රධානම නවීකරණය වුනේ ඉල්ලුම්පත්‍රය ඉවත් කිරීමයි. එයට තොරතුරු තාක්‍ෂණ විසඳුමක් යොදා ගැනීම නිසා විනාඩි 5ක් ඇතුළත බලපත්‍රය මුද්‍රණයක කරලත් දෙන්න පුළුවන් වුනා.  හැම පළාතෙම පාහේ මේ අලුත් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය ක්‍ෂණික නූඩ්ලස් වගේ ක්‍ෂණිකව ජනප්‍රිය වුනා.  වෙනදා පෝලිම්වල පැය 2-3 හිටපු අයට විනාඩි 5ක් ඇතුළත තම කාර්ය ඉටු කර ගන්න පුළුවන් වුනා මේ අළුත් ක්‍රමයෙන්.
ඉ-ආදායම් බලපත්‍ර ව්‍යාපෘතියට පෙර බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දර්ශනයක්
ඉ-ආදායම් බලපත්‍ර ව්‍යාපෘතියට පසු බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දර්ශනයක්
මේකට සමගාමීව බස්නාහිර පළාතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු හිටපු කොමසාරිස්, බුද්ධික වේරගොඩ මහතා ක්‍රියාත්මක කළා මාලිගාවත්තෙ එම කාර්යාලය සඳහා වූ වෙනම තොරතුරු තාක්‍ෂණ විසඳුමක්. වාහනයක් ලියාපදිංචි කළ පසු පළමු අදායම් බලපත්‍රය මාලිගාවත්තෙන් ගන්නම ඕන නිසා එතැනත් තිබුනා, පළමු මහළෙන් පටන් අරන් බිම් මහළට පඩිපෙළ දිගේ විහිදෙන තරම් පෝලිම්. බුද්ධික ක්‍රියාත්මක කරපු විසඳුමෙන් ඒ පෝලිම් නැති වුනා. එතැනත් අලුත් පද්ධතියේ සේවා මට්ටම වුනේ ආදායම් බලපත්‍රයක් ලබා දීමට ගත වන කාලය විනාඩි 3-5ක්. මෙහි දී බුද්ධික මහතා ඇතුළු කණ්ඩායම මූලික ව ජයගත් අභියෝග රාශියක් තිබුනා. ඒවා නම් සරප් විසින් ඉටු කළ මුදල් භාර ගැනීමේ කාර්යය කවුන්ටරයේ සේවයට යෙදූ හැම නිලධාරියෙකුට/නිලධාරීණියෙකුට ම කරන්නට සිදු වුනා.  මුදල් භාර ගැනීම රාජ්‍ය අංශයේ විශාල වගකීමක් සහ දූෂණයට මුල් විය හැකි තැනක් නිසා මෙය ඉතා පරිස්සමින් ඉටු කළ යුතුව තිබුනා. ඒවගේ ම මුදල් ගෙවූ පසු ලබා දෙන කහ පැහැති කුවිතාන්සිය  (පොදු 172) වෙනුවට පරිගණක කුවිතාන්සියක් නිකුත් කිරීමත් මෙම පද්ධතිය විගණනය කිරීම සඳහා විවෘත කිරීමත් මේ අභියෝග අතර වුනා.
ඒ අතරම බුද්ධික මහතා මෙම පද්ධතිය මගින් බලපත්‍ර ලබා ගැනීම වාහන හිමියන්ට පහසු කිරීම සඳහා ඉතා අනාගතවාදී නවීකරණයක් සිදු කළා. එනම්, වාහනය තුළම රැඳී සිට බලපත්‍රය ලබා ගැනීම සඳහා මං තීරු දෙකක් සඳහා පහසුකම් සැලසෙන පරිදි බිම් මහළේ බලපත්‍ර කවුළු දෙකක් විවෘත කිරීමයි. මේ සේවය ඔහු නම් කළේ “On The Wheel” නමින්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පළමුවරට මෙවැනි සේවාවක් 2007 වසරේ දී ලබා දීම පුරවැසි කේන්‍ද්‍රීය සේවා ලබා දීම ඉතා ජයග්‍රහයී අනාගතවාදී පියවරක්.
On the Wheel සේවාව

"On the Wheel" සේවාව මගින් වාහනයේ සිටම ආදායම් බලපත්‍රය ලබා ගැනීම
මම “ඉක්ටා” එකට ආපු දවස්වල ඉඳන්ම හිතේ තිබුන ප්‍රධාන සිහිනයක් තමයි eRevenue License හෙවත් “ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර”. ඒ නිසා මේ සඳහා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘතියක් 2007 වසරේ දී පටන් ගත්තා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනට පවතින පද්ධතිය සඳහා සහාය දෙන්නේ SLIDA එක නිසා අපට ඕන වුනා SLIDA ආයතනයට මේ ව්‍යාපෘතියේ භාරකාරත්වය දෙන්න. අපි SLIDA එකත් එක්ක මේ සඳහා අවශ්‍ය වන නිලධාරීන් ඒ ආයතනයට බඳවා ගන්න සාකච්ඡා කරන ගමන්ම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමට සූදානම් වුනා.
මේ ව්‍යාපෘතිය සාමාන්‍ය එකක් නොවන බව තේරුනේ මෙ මගින් සිදු කළ යුතු වෙනස්කම් ගැන දැන ගත්තට පස්සෙයි. ඒ වෙනස්කම් නම්,
  1. බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම වාහන ලියාපදිංචි වෙලා තියෙන්නෙ. සංඛ්‍යාවෙන් ලක්‍ෂ 08ක්. ඒ වාහන හිමියන්ට දැන් පුළුවන් තමන් ලියාපදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අදායම් බලපත්‍රය ගන්න. අපට ඕන  වුනා ප්‍රධාන වෙනසක්. පුරවැසියනට කැමති පහසුම ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් තම බලපත්‍රය ගන්න පුළුවන් වෙන්න ඕන.
  2. අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් ම රක්‍ෂණ තොරතුරු සහතික කර ගන්න, වායු විමෝචන තොරතුරු සහතික කරගෙන ගෙදරටම බලපත්‍රය ගෙන්වා ගන්න.
  3. අන්තර්ජාලයෙන් මුදල් ගෙවන්න.
  4. වාහන ලියාපදිංචි අයිතිය වෙනස් කිරීම කෙරෙන්නෙ නාරාහේන්පිට ‍මෝටර් රථ දෙපාර්තමේන්තුව නිසා ඒ තොරතුරු නාරාහේන්පිට කාර්යාලයේ තියෙන වාහන දත්ත පාදයෙන් අන්තර්ජාලය තුළින් ම පරීක්‍ෂා කර ගන්න. (මේක මීට කලින් වුනේ මාසිකව සිදු වන වෙනස්කම් සංගත තැටියකට පිටපත් කරල, මාලිගාවත්ත පළාත් මොටර් රථ දෙපාර්තමේන්තුවට දෙන එක. දෙවනුව අන්තර්ජාල සබඳතාවයකින් මාලිගාවත්ත කාර්යාලයේ පරිගණකයක බහාලුමකට (folder එකකට) නාරාහේන්පිට පරිගණක පද්ධතියේ ලියවෙන වෙනස්වීම් පිටපත් කරන එක.)
මේක මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘතියක් කියලා කිව්වට එකවර (ඒ කියන්නෙ සමාන්තරව) මෙහෙයුම් කිහිපයක්ම කරන්න වුනා.
  1. අවශ්‍ය වෙනස්වීම් සඳහා මධ්‍යගත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පද්ධතියක් නිම වීමට ටෙන්ඩර් කැඳවීම.
  2. වාහන රක්‍ෂණ තොරතුරු අන්තර්ජාලයේ පිරික්‍සීමට ඒ රක්‍ෂණ සමාගම් සමග සාකච්ඡා කොට ක්‍රමවේදයක් සැකසීම.
  3. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව මත වායු විමෝචන පරීක්‍ෂණ සමාගම් 2ක් (ක්ලීන්කෝ සමාගම හා ලාෆ් එකෝ ශ්‍රී සමාගම) විසින් බස්නාහිර පළාතේ තැන් 60 ක කෙරුණත් ඒ තොරතුරු දෙපාර්තමේන්තුවට ලැබුනේ කාලීනව සංගත තැටි මගින්.  මේ තොරතුරු එසැණින් ගන්න නම් මේ සඳහා අන්තර්ජාලමය විසඳුමක් අවශ්‍යයි.
  4. ලංකා රාජ්‍ය ජාලය මගින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මාලිගාවත්ත පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව හා නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව සම්බන්ධව සිටියත් ඒ වන විට තිබූ 128kbps සම්බන්ධතා මේ සඳහා ඇතිද?  ඒ සම්බන්ධතා බිඳ වැටුනත් වැඩ කරගෙන යන්න පුළුවන් විදියේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ම සර්වර් පරිගණකය බැගින් පිහිටුවන විසිරිත (distributed) පද්ධතියක් සැකසිය යුතුයි.
  5. මේ ආයතන අතර ඉලෙක්ට්‍රෙනිකව තොරතුරු හුවමාරු කිරීමටත් කාර්යක්‍ෂම ක්‍රමවේදයක් අවශ්‍යයි.
  6. විසිරිත පද්ධතිය අනුව එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පද්ධතිය අක්‍රීය වුනොත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එය යළි සැකසීම සඳහා SLIDA ආයතනයේ කණ්ඩායමක් සිටිය යුතුය. මේ සඳහා SLIDA සමග ගිවිසුමකට එළඹිය යුතුයි.
  7. රාජ්‍ය අංශයේ සේවාවලට ගෙවීම් කළ හැක්කේ අත්පිට මුදලට, චෙක් ආදී වෙනත් ක්‍රම මගින් පමණි.  ණයවර පත් ගෙවීම් භාර ගනු නොලැබේ.  ඒ සඳහා අවශ්‍ය මුල්‍ය රෙගුලාසි ද නොමැත.  මේ නිසා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම හා මූල්‍ය රෙගුලාසි තැනීම සඳහා භාණ්ඩාගාරය සමග කටයුතු කළ යුතුය.
  8. අන්තර්ජාල ණයවර පත් ගෙවීම් භාර ගැනීමට බස්නාහිර පළා‍ත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අවසර නොමැත. ඒ සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද අවශ්‍ය වේ.
  9. අන්තර්ජාල ගෙවීම් සඳහා Payment Gateway හෙවත් ගෙවීම් දොරකඩ තැනීම.  ඒ සඳහා දැනටමත් සාර්ථකව පවතින අන්තර්ජාල ගෙවීම් සලසන බැංකුවක් ප්‍රසම්පාදනය මගින් තෝරා ගත යුතුයි.
  10. මෙය ඉතා ආරක්‍ෂාකාරීව සිදුවිය යුතුයි. ඒ සඳහා අංකිත සහතික (digital certificate) යොදා ගෙන සියලුම පරිගණක සර්වර් යන්ත්‍ර ආරක්‍ෂා කළ යුතුයි. එසේම වෙබ් ගවේශකයන් (browsers) සඳහා ද අන්තර්ජාතික ව පිළිගත හැකි අංකිත සහතික අවශ්‍යයි.
මේ සේරම කඩුලු හා බාධක මුලින්ම දැක්ක නම් මේක මුලින්ම අත හරින්න තිබුනා. ඒත් දැන් බැඳ ගත්ත බෙරේ කොහොම හරි ගහන්න ඕන.
මේක භාරව කටයුතු කළ ව්‍යාපෘති කළමණාකරු කාංචන තුඩුගල. 2007 දී ඔහු “ඉක්ටා” එකට බැඳුන පසු දුන්න පළමු ව්‍යාපෘති දෙකෙන් එකක් වුනේ මේ ව්‍යාපෘතියයි.  අනෙක ලංකා ද්වාරය.  මේ ව්‍යාපෘති දෙකම ශ්‍රී ලංකාවේ ඉ-රාජ්‍ය කටයුතුවල ඉතා වැදගත් කඩඉමක් සළකුණු කළ ව්‍යාපෘති දෙකක්. මේ ව්‍යාපෘති දෙකම තාක්‍ෂණික වශයෙන් සංකීර්ණයි. කළමණාකරණ අතින් අභියෝගාත්මකයි. මේ ව්‍යාපෘති දෙකේම සංකල්පය හා නිර්මිතිය පිළිබඳ ගෞරවය හිමි වන්නේ අපේ ආයතනයේ හිටපු ප්‍රධාන තාක්‍ෂණ නිලධාරිණී, ආචාර්ය ෂහනි වීරවරණ මැතිණියටයි.
මේ සම්පූර්ණ කටයුත්ත සඳහා ප්‍රසම්පාදන කටයුතු 5ක් සම්පූර්ණ කළ යුතු වුනා.
  1. ඉ-ආදායම් බලපත්‍ර මෘදුකාංග පද්ධතිය ගොඩ නැගීම – මේ සඳහා විවෘත ටෙන්ඩර් කටයුතුවලින් Virtusa ආයතනය තෝරා ගත්තා.
  2. ලංකා ද්වාරය මෘදුකාංග තැනීම – මේ සඳහා ද තේරුනේ Virtusa ආයතනයයි.  මේ දෙකටම එකම ආයතනයක් තෝරා ගැනීම නිසා ව්‍යාපෘති කළමණාකරණය මදක් පහසු වුනා.
  3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය සඳහා SLIDA ආයතනය සමග ගිවිසුමකට එළඹීම.
  4. අන්තර්ජාල ගෙවීම් සඳහා බැංකුවක් තෝරා ගැනීම – මේ සඳහා සම්පත් බැංකුව තෝරා ගැනුනා.
  5. වෙබ් ගවේශක (browsers) අන්තර්ජාතිකව පිළි ගන්නා අංකිත සහතිකයක් මිළදී ගැනීම. මේ සඳහා VeriSign අංකිත සහතික තෝරා ගත්තා.
වඩාත්ම අභියෝගාත්මක කටයුත්ත වුනේ රාජ්‍ය ආයතනවලට අන්තර්ජාලය හරහා ණයවර පත් මගින් ගෙවීම් භාර ගැනීමට අවසර දීම සඳහා මුල්‍ය රෙගුලාසි සැකසීමයි.  මේ සඳහා එවකට අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ආර්. සිල්වා මහතා සභාපතිත්වය දරණ ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවක් පිහිටුවා භාණ්ඩාරය (රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව), ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති ලේකම් කාර්යාලය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අදාළ ආයතනවල සහභාගීත්වයෙන් වසරක් පමණ කටයුතු කොට 2010-11-20 දින මුල්‍ය රෙගුලාසි චක්‍රලේඛ 447 නිකුත් කළා.  (ලලිත් ආර්. සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, එස්.එස්. හේවාපතිරණ මහතා විසින් මෙම කමිටුවේ කටයුතු මෙහෙයවූවා.)  මෙම චක්‍රලේඛ රාජ්‍ය අංශයේ මූල්‍ය කටයුතු පරිපාලනයේ කඩඉමක්.  මෙම චක්‍රලේඛය හඳුන්වා දුන් වැදගත්ම වූ අංශ 2ක් මා දකිනවා.
  1. ණයවර පත් මගින් පමණක් නොවෙයි, ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතා කොට රාජ්‍ය සේවා සඳහා මුදල් ගෙවීමට මෙමගින් ප්‍රතිපාදන සලසනවා. ඒ අනුව ණයවර පත්, වෙබ්කාඩ්, ජංගම දුරකතන ආදී ඕනෑම ඉලෙක්ට්‍රොනික ගෙවීම් මාර්ගයකින් රාජ්‍ය සේවා සඳහා මුදල් ගෙවීමට හැකි වෙනවා.
  2. මේ චක්‍රලේඛය මූලිකව අවශ්‍ය වුනේ අන්තර්ජාලය හරහා රාජ්‍ය සේවා සඳහා ගෙවන ගෙවීම් නිල වශයෙන් පිළි ගැනීමටයි.  ඒ සඳහා ණයවර පත් මගින් කරන ගෙවීම් සඳහා ණයවර පත් නිකුත් කළ ආයතනවලට ගෙවිය යුතු කොමිස් මුදල් ‘පහසුව’ (convenience) සඳහා ගාස්තු ලෙස අය කර ගත හැකි.  නමුත් මෙම චක්‍රලේඛය මගින් මෙම මූලික පහසුකම ඉක්මවා යමින් රාජ්‍ය සේවා සඳහා කාර්යාලයට පැමිණ කවුන්ටරයට  මුදල් ගෙවන අවස්ථාවලදී ණයවර පත් මගින් කරන ගෙවීම් සඳහා ද පහසුකම් සලසා තිබෙනවා.  එහිදී ණයවර පත් පහසුකම් සලසන මුල්‍ය ආයතන සඳහා ගෙවිය යුතු කොමිස් මුදල් ද රජය විසින් ගෙවිය හැකි බවත් ජාතික අයවැය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට එම මුදල් ලබා ගත හැකි බවත් එම චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය සහාය දීමට මේ වන විට බුද්ධික මහතා ස්ථාන මාරු ලැබ ගොස් එම කොමසාරිස් ලෙස පැමිණි ඒ.කේ.ආර්. අලවත්ත මහතා මේ කටයුතු සාර්ථක ලෙස ආයතන තුළ මෙහෙයවූවා.
බස්නාහිර පළාතේ හිටපු පළාත් මෝටර් රථ කොමසාරිස් ඒ.කේ.ආර්. අලවත්ත මහතා
මේ අතර “ඉක්ටා” ආයතනය රක්‍ෂණ සමාගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දත්ත පිළිබඳව නිසි ආරක්‍ෂාව සලසන්නේ නම් හා අප විසින් එම දත්ත ගබඩා කර නොගැනීමක් හෝ වෙනත් කරුණක් සඳහා භාවිතා නොකිරීමත් යන කොන්දේසි මත, වාහනයේ ආදායම් බලපත්‍රය අළුත් කිරීමේ ඉල්ලීමක් අන්තර්ජාලය මගින් ඉදිරිපත් වූ විට එම වාහනයේ වායු විමෝචන දත්ත හා වාහන රක්‍ෂණ සහතික තොරතුරු ලබා දීමට (වාහන රක්‍ෂණ සමාගම් 8ක්) කැමැත්ත ප්‍රකාශ කළා. ඒවා නම්
  1. Asian Alliance Insurance
  2. AVIVA NDB Insurance
  3. Amana Takaful Insurance
  4. HNB Insurance
  5. Ceylinco Insurance
  6. Sri Lanka Insurance
  7. Union Assurance Insurance
  8. Janashakthi Insurance
‍මේ සඳහා ලංකා රාජ්‍ය ජාලය විසින් නිකුත් කරන අංකිත සහතික (digital certificates) එම ‍රක්‍ෂණ සමාගම්වල සර්වර් පරිගණකවල ස්ථාපනය කළා. ඒ අනුව එම තොරතුරු රක්‍ෂණ සමාගම් විසින් සපයන්නේ ලංකා ද්වාරය විසින් අදාළ අංකිත සහතිකය භාවිතා කරමින් දත්ත ඉල්ලූ විට පමණයි.
ලංකා ද්වාරයේ මෘදුකාංග 2009-12-30 වන විට සාර්ථකව නිම කළා.  එය සම්පූර්ණයෙන්ම නිදහස් හා විවෘත මෘදුකාංගයක්.
ඉ-ආදායම් බලපත්‍ර මෘදුකාංගය ද 2009-12-30 වන විට සාර්ථකව නිමකළා. එයත් සම්පූර්ණයෙන් ම නිදහස් හා විවෘත මෘදුකාංගයක්. අන්තර්ජාල ගෙවීම් සඳහා ගිවිසුම 2009-12-30 දින සම්පත් බැංකුව සමග අත්සන් කළා.
වායු විමෝචන දත්ත නිවැරදි ලබා ගැනීම ගැටළු සහගත වුනා.  එයට හේතුව ක්ලීන්කෝ සහ ලාෆ් එකෝ යන සමාගම් ආකෘති 2කට දත්ත ලබා දීමත් ඔවුන්ට අන්තර්ජාලය මගින් ලබා දීම අවශ්‍ය පද්ධති නොමැති වීමයි.  මෙහිදී ඉදිරිපත් වුනු එවකට සිටි මෝටර් රථ කොමසාරිස් ජනරාල්, බී. විජේරත්න මහතා විසින් රුපියල් මිලියනයක් වටිනා සර්වර් යන්ත්‍රයක් මිළ දී ගෙන අවශ්‍ය වායු විමෝචන දත්ත අන්තර්ජාලය හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා දුන්නා.  ඒ මහතා වාහන ලියාපදිංචි දත්ත අන්තර්ජාලය හරහාම මෙම පද්ධතියට ලබා දීමට විශේෂ කාර්යයක් ඉටු කළා. මේ සියලු කටයුතු සාර්ථකව නිම කළ පසු 2009-12-30 දින ජනාධිපති ලේකම්තුමා විසින් ලංකා ද්වාරය හා ඉ-අදායම් බලපත්‍ර පද්ධති දියත් කළා.
ලංකා ද්වාරය දියත් කළ දා (වසන්ත දේශප්‍රිය, ලලිත් වීරතුංග හා සංජය කරුණාසේන මහත්වරුන්)
මෙය නියාමක ව්‍යාපෘති මට්ටමින් කඩුවෙල, කටාන හා පානදුර ප්‍රාදේශීය ලේකම් කර්යාලවල ක්‍රියාත්මක කළා.
මෙය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද පළාත්වලට ද ගෙන යන බවට අප පොරොන්දු වී සිටියත් 2012 අගෝස්තු වන තෙක් එය කිරීමට බාධාවක් වුනේ SLIDA ආයතනයට මෙම ව්‍යාපෘතියේ සහාය සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නිලධාරීන් නොමැති වීම නිසායි. අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය මෙය බස්නාහිර පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටවූ පසු මීරිගම හෝ වලල්ලාවිට වැනි දුරින් පිහිටි කාර්යාලයක ඉ-වාහන බලපත්‍ර පද්ධතිය අක්‍රීය වුවහොත් එය යළි සැකසීමට යන්නේ කවුද යන පැනයයි.
SLIDA ආයතනයට මෙය ඉටු කළ නොහැකි බව ඒ සඳහා ගත් සියලු උත්සහයන් ව්‍යවර්ථ වූ පසු අවබෝධ වූ නිසා අනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මෙම විසඳුම විහිදවීම කළ නොහැකි වුනා.
එහෙත් අන්තර්ජාලය මගින් බලපත්‍ර නිකුත් කිරීම ද බස්නාහිර පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ බලපත්‍ර නිකුක් කිරීම මාළිගාවත්ත කාර්යාලයෙනුත් කඩුවෙල, පානදුර හා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලිනුත් 2009.12.30 දින සිට ඉටු කළා.
නව ඉ-ආදායම් බලපත්‍ර පද්ධතිය භාවිතා කොට නිකුත් කළ බලපත්‍ර පිළිබඳ සංඛ්‍යා ලේඛණ
මාසය
නිකුත් කළ බලපත්‍ර සංඛ්‍යාව
කඩුවෙල
කටාන
පානදුර
On the Wheel
විශේෂ කව්ළු – නාරාහේන්පිට මෝ.ර.ප්‍ර.දෙ.
අන්තර්ජාලය හරහා
2012-ජනවාරි
5,479
6,195
4,039
879
94
2012-පෙබරවාරි
4,898
5,692
3,716
970
84
2012-මාර්තු
5,513
6,773
4,296
1,318
99
2012-අප්‍රේල්
5,007
5,754
3,734
1,159
71
2012-මැයි
5,557
6,279
4,092
848
105
2012-ජූනි
5,211
5,941
3,899
603
89
2012-ජූලි
6,023
7,028
4,384
663
118
2012-අගෝස්තු
5,676
6,818
3,966
552
111
2012-සැප්තැම්බර්
5,142
6,259
3,655
485
109
ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පරිගණක සර්වර් යන්ත්‍රයක් පදනම් කරගෙනම බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධති සඳහා නඩත්තුව හා සහාය ලබා දීමට රාජ්‍ය කණ්ඩායමක් නොමැති වීමත්, ඒ සඳහා කොන්ත්‍රාත්තුවක් හරහා පුද්ගලික ආයතනයක සහාය ලබා ගැනීම ආර්ථික උපයෝගීතාවයක් නොමැති වීමත් නිසා පවතින පද්ධතිය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විහිදීම අප්‍රායෝගික වුනා.
මේ නිසා 2011 වසරේ දී මෙම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පද්ධතියේ නිර්මිතිය (Architecture) වෙනස් කොට සම්පූර්ණයෙන්ම මධ්‍යගත වූ පද්ධතියක් බවට වෙනස් කිරීමට තීරණය කළා.  මෙය ඉටු කිරීම සඳහා 2011 වසරේ දී නැවත විවෘත ටෙන්ඩර් කැඳවා ඒ සඳහා තේරුණු  Virtusa ආයතනය සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා.  ඒ අනුව මෘදුකාංග යළි වෙනස් කොට 2012 අගෝස්තු මස දී නිම වන ලදි.  ලංකා ද්වාරය සමග මෙම මෘදුකාංගය “ඉක්ටා” විසින් මෑතකදී නිම කළ “ලංකා රාජ්‍ය වළාකුළේ” ස්ථාපනය කරන ලදී.  මෙහි දී මතු වූ අළුත් ගැටළුවක් නම් සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඇති ලංකා රාජ්‍ය ජාලය අන්තර්ජාල සම්බන්ධතාවය යම් හෙයකින් අක්‍රීය වුවහොත් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන් නැවතීමයි.
2012 වසරේ දී අලවත්ත මහතා ද ස්ථාන මාරු ලැබ යාමෙන් ඒ සඳහා නව කොමසාරිස් ලෙස ශාන්ත මුහන්දිරම් මහතා පත්ව ආ අතර මේ සඳහා Dongle මගින් ලබා දෙන රැහැන් රහිත පුළුල් පරාස සම්බන්ධතා (wireless broadband) සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දීමට තීරණය කළා.
දැන් මේ ගැන ප්‍රචාරයක් සමග 2012 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2013 වසරේ දී අනෙකුත් පළාත්වලට ද මෙය ක්‍රියාත්මක කළ හැක.  ඒ සඳහා එම පළාත්වල මෝටර් රථ කොමසාරිස්වරුනට අළුතෙන් සර්වර් යන්ත්‍ර, පරිගණක, අන්තර්ජාල සම්බඳතා ගෙවීම් දොරකඩ මිළ දී ගත යුතු‍ නොවේ.  ඒ සියල්ල ලංකා ද්වාරය, ලංකා රාජ්‍ය ජාලය හා ලංකා රාජ්‍ය වළාකුලෙන් ලැබේ. මෙම ව්‍යාපෘතිය ජනතාව රාජ්‍ය සේවා ලබා ගන්නා අයුරු ද රාජ්‍ය අංශය පුරවැසි සේවා අන්තර්ජාලය හරහා සේවා ලබා දීමට අනුගමනය කළ යුතු ආකාරයද නැවුම් මගක් සනිටුවන් කරාවි.
ඉ-ආදායම් බලපත්‍රය සේවය අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ දී ඇති වන ගැටළු විසඳා ගැනීමට රාජ්‍ය තොරතුරු ක්‍නේද්‍රය 1919 ඇමතීමෙන් විසඳා ගන්න පුළුවනි.  ඒ වගේම ඒ සඳහාම ලංකා ද්වාරයේ www.srilanka.lk ඇති සාකච්ඡා සංසදය හරහා විසඳා ගන්න පුළුවන්.  එයට නොයෙකුත් ප්‍රශ්න වගේම ප්‍රශංසාත්මක වාර්තා පහත පෙනෙන පරිදි කරලා තියෙනවා.
ඉ-ආදායම් බලපත්‍ර මෘදුකාංගයට ඉ-ස්වාභිමාන සම්මානයකුත් ජාතික විශිෂ්ඨතත්ව මෘදුකාංග සම්මානයකුත් ලැබුනා.  ඒ විතරක් නෙවෙයි මෙය ලෝකයේ සංකීර්ණම ගණයේ විසඳුම් වන “සම්බන්ධිත රාජ්‍ය” (connected government) විසඳුමක්.  ඒ කියන්නේ මෙම සේවාව ලබා දීමට (1) බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව ද, (2) මධ්‍යම රජයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (3) රක්‍ෂණ සමාගම් 09ක්, (4) වායු විමෝචන  පරීක්‍ෂණ සමාගම් 02ක් හා අන්තර්ජාල ගෙවීම් සඳහා (5) බැංකු රාශියක් ද එකට සම්බන්ධ කර තමයි සේවය සලසන්නේ.  ඒක පහත දැක්වෙන පින්තූරයේ පෙන්වනවා.
ඒ වගේම මේක gov. 2.0 හෙවත් රජය 2.0 ලෙස හැඳින්වෙන සංකල්පයේ අංග රාශියක් භාවිතා කරනවා.  ඒවා නම් (1) රාජ්‍ය හා පුද්ගලික ආයතන සාමූහිකව කටයුතු කිරීම (collaboration) (2) සාකච්ඡා සංසද (3) වෙබ් සේවා  (4) බ්ලොග්.  මේ අනුව මෙම පද්ධතිය අති විශිෂ්ඨ පුරවැසි සේවා විසඳුමක්!
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ලක්‍ෂ 8ක් ඇති හෙයින් සෑම මසකම ආසන්න වශයෙන් වාහන 70,000ක බලපත්‍ර අලුත් කළ යුතු වේ. නමුත් අන්තර්ජාලය හරහා බලපත්‍ර ලබා ගන්නා සංඛ්‍යාව 100ට නොවැඩි වේ. මෙය සමස්ථ බලපත්‍ර සංඛ්‍යාවෙන් 0.14% කි. මෙම අඩු සංඛ්‍යාවට ප්‍රධාන හේතු නම් අන්තර්ජාල භාවිතය අඩු කම (වර්තමාන අගය 10% කි), ණයවර පත් හිමිකාරිත්වය අඩුකම (වර්තමාන අගය ලක්‍ෂ 9කි), අන්තර්ජාල ගෙවීම් සඳහා ණයවර පත් භාවිතයට ඇති බිය ආදිය වේ. අන්තර්ජාලය හරහා ගෙවීම් ක්‍රමය ණයවර පත්වල ග්‍රහණයෙන් මුදවා ගැනීමට ජංගම දුරකතන හරහා මුදල් ගෙවීමේ ක්‍රමවේදය ගැන දැනටමත් කටයුතු අරඹා තිබෙනවා. 2012 වසරේ දී එක්සත් ජාතීන් පැවැත්වූ ඉ-රාජ්‍ය සමීක්‍ෂණය අනුව දියුණු වන රටවල මුදල් ගෙවන ඉ-සේවාවන් භාවිතයේ ප්‍රතිශතය සමස්ථ සේවාලාභීන්ගෙන් 1% හා 2% අතර බව ඇස්තමේන්තු ගත කොට තිබෙනවා. ඒ අනුව මසකට වාහන හිමියන් 1000ක් අන්තර්ජාලය මගින් වාහන බලපත්‍රය ලබා ගන්නා තත්වයකට මෙය දියුණු වුවහොත් ශ්‍රී ලංකාවේ ඉ-‍රාජ්‍ය සේවා කටයුතු අනෙකුත් දියුණුවන රටවල් හා සම තත්වයකට පත් වේවි. ඒ දිනය, ජංගම මුදල් ගෙවීමේ ක්‍රමය මෙයට එකතු කළ පසු වැඩි ඈතක නොවන බව මගේ අදහසයි.
 

Sri Lankan team enters Global CyberLympics World Finals


Sri Lankan team ‘WhiteHat’, having survived stiff competition from regional giants from the Asia Pacific region, entered the Global CyberLympics world finals to be held in Miami, Florida in October. 
The Global CyberLympics is a not-for-profit initiative of the EC-Council Foundation supported by the Geneva-based International Telecommunications Union (ITU). Its goal is to raise awareness towards increased education and ethics in information security through a series of cyber competitions that encompass forensics, ethical hacking and defence. The mission statement of the Global CyberLympics is “Unifying Global Cyber Defence through the Games."
The regional qualifying rounds of the competition were conducted in North America, Europe, Africa, South America, Middle-East and the Asia Pacific.  The Sri Lankan team came out on top in the Asia Pacific region to reach the finals. 
The Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (CERT|CC), was instrumental in recognising local Information Security skills by selecting the team WhiteHat for the competition. CERT|CC a fully owned subsidiary of the ICT Agency of Sri Lanka  (ICTA) and the National Centre for Cyber Security in Sri Lanka, did so after a stringent selection process. The sponsor for the team was the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL). TRCSL contributed immensely to the success of the team by providing the necessary connectivity infrastructure and other facilities and logistics for the team members to participate in the CyberLympics.
The six-member Sri Lankan team comprised: Sri Lanka CERT Information Security Engineers Roshan Chandraguptha (Team Captain) and Kanishka Yapa, Millennium IT Senior Systems Engineer (Information Security)  Dharshin De Silva,   Information Security / Forensics Consultant, Chathura Abeydeera,  LankaCom Services (Pvt.) Ltd Information Security Engineer, Buddhika Niroshan and IFS R&D Limited Trainee Systems Engineer Nimantha Wickremasinghe. Each of these individuals with their unique skill sets contributed to the collective success of the team. 
The journey to the world final was not an easy one for the Asian Finalists “WhiteHat” as there was intense competition in all three rounds that they faced in order to qualify for the final. The previous three stages were based on Forensics, Penetration Testing and Computer Network Defence. The final round is called Capture the Flag (CTF). This is an exercise which permits  participants to use  available network assessment tools to be able to compromise and control a series of target hosts. Once a host is controlled, that participant is required to defend that host against other participants. Participants are required to protect the targets they control, while maintaining their critical services. The team with the highest overall score will be crowned the World Champions, and win the Global CyberLympics World Finals Security Challenge competition.
The 2012 Global CyberLympics Security Challenge, World Finals will be held at the “Hacker Halted” conference in Miami, Florida, USA on October 29, 2012. Hacker Halted is the world’s Premier Information Security Conference. Since 2004, the Hacker Halted conference has been held in many cities the world over, including Miami, Myrtle Beach, Kuala Lumpur, Singapore, Dubai, Mexico City, Cairo, Taipei, Guangzhou and Tokyo. 
This article is carried in Daily FT and Daily News of 28th September 2012.
http://www.ft.lk/2012/09/28/sri-lankan-team-enters-global-cyberlympics-world-finals/
http://www.dailynews.lk/2012/09/28/bus15.asp

Wednesday, February 1, 2012

OPenIT Center